සිතුල්පව්ව රජමහා විහාර භූමියේ රහතුන් 12 000 ක් වැඩසිටි බවට සාක්කියක්

 

වංශකතා ගත සාධකවලට අනුව රහතන් වහන්සේලා දොළොස්දහසක් වැඩසිටි සිතුල්පව්ව රජමහා විහාර භූමියේ කැණීමෙන් මහල් සහිත ආවාස ගෘහයක නටඹුන් මතුවේ....
 

මෙහි ඉතිහාසය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවයයි.

මහාවංශයේ සඳහන් වන පරිදි රිස්තු වර්ෂ පළමු වන සියවසේ දී වසභ රජු විසින් සිතුල්පව්ව රධාන පර්වතයේ ස්ථූප 10ක් ඉදිකර ඇත.

එම මූලාශරගත සාධක තහවුරු කරමින් වර්තමානය වන විට රධාන ස්ථූපය ඇතුළු ස්ථූප 7 පමණ සාධක අනාවරණය කරගෙන ඇත.

ඊට අමතරව පූර්ව රාහ්මී ලිපි සහිත ලෙන් විශාල සංඛාවක් හා ගොඩනැගිලි විශාල රමාණයක සාධක මෙම ආරාම සංකීර්ණය පුරා විසිරී පවතී.

අතර පිළිමගෙය බෝධිඝරය උපෝසථඝරය හා රධාන ලෙන් වැදගත් වේ. එසේම මතුකර නොගත් නටඹුන් රාශියක් විහාර භූමියට අයත් වනය තුළ තවමත් විසිරී පවතී.

මෙකී නටබුන් අතරින් සිතුල්පව්ව ආරාම සංකීර්ණයේ අයිමර නම් ලෙන අසල පිහිටි නටඹුන් ගොඩනැගිල්ලක් පාදා ගැනීමේ කැණීම් කටයුතු පුරාවිද්යා අධ්යක් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාත් පුරාවිද්යා කාර්යාල විසින්  ඇරඹිණි.

එහිදී රිස්තු වර්ෂ පළමුවන හා දෙවන සියවසට පමණ අයත් විය හැකි ඉදිකිරීම් ලක්ෂණ සහිත නටඹුන් ගොඩනැගිල්ලක් පාදාගෙන ඇත. දැනට අනාවරණය වී ඇති සාධක වලට අනුව මෙය මහල් කිහිපයකින් යුත් ආවාස ගෘහයක් විය හැකි බව කැණීම් ව්යාපෘතියේ ස්ථානභාර නිලධාරී පුරාවිද්යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා පවසයි.

එසේම මීටර් 13 . 5 ක් දිගින් හා මීටර් 11 ක් පළලින් යුත් මෙම ගොඩනැගිල්ල සිතුල්පව්ව ආරාම සංකීර්ණයට අයත් පැරණි ගොඩනැගිලි අතරින් එකක් බව මහතා පැවසීය.

       මීට අමතරව රන් ආලේපිත මැටි  `දුන් කැබලි විවිධ වර්ණයන්ගෙන් යුත් මැටි `දුන් කැබලි  පැරණි පෙති උළු පැරණි කාසි හා පැරණි යකඩ ඇණ ආදිය මෙම ගොඩනැගිල්ල පාදා ගැනීමේ කටයුතු අතරතුර දී අනාවරණය කරගෙන ඇත. රන් ආලේපිත මැටි `දුන් ලංකාවෙන් හමු වී ඇති රථම අවස්ථාව මෙයයි. කැණීම් කටයුතු අවසන් වූ වහාම මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට නියමිතයි.

 

From : http://www.lankadeepa.lk/

 


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+