මිනිසා ඇතුළු සියලු සත්ව කොටස් වල හට ගැනීමේ ක්‍රම එක සමාන නොවේ. එය විවිධ අයුරින් සිදුවේ. බුදු දහමේ පෙන්වා දෙන ආකාරයට මේ විශ්වය තුළ විවිධ සත්ව කොටස් ඇති බවත් ඒ සෑම සත්වයෙක්ම සඳහාම මෛත්‍රිය පැතිර විය යුතු බවත් දේශනා කොට ඇත. ඒ අනුව කරණීයමෙත්ත සූත්‍රයේ හතර පහ යන ගාථා දෙකෙන් විවිධ සත්වයින් ඔවුන්ගේ ස්වභාවයන් පිළිබඳ ප්‍රමාණවත් හැඳින්වීමක් කර ඇත.
එනමි..
තසා - තැති ගන්නා සුලු කෙලෙස් සහිත සත්වයෝ
ථාවරා - රහතන් වහන්සේලා
දීඝා - දිග් ශරීර ඇත්තෝ
මහන්තා - මහත් වූ ශරීර ඇති අය
මජ්ඣිමා - මධ්‍යම තරමේ සත්වයෝ
රස්ස - මිටි ශරීර ඇති සත්වයෝ
අණුක – ඉතා කුඩා ශරීර ඇති අය
ථූලා - තරබාරු ශරීර ඇති අය
දිට්ඨා - ඇසට පෙනෙන සත්වයෝ
අදිට්ඨා - ඇසට නොපෙනෙන සත්වයෝ
දූරෙ වසන්ති – දුර වසන සත්වයෝ
විදූරෙ වසන්ති - ළඟ වසන සත්වයෝ
භූතා - උපන්නා වූ සත්වයෝ
සම්භවේසී – ඉදීමට සිටින්නා වූ සත්වයෝ
මේ අනුව ඔවුන් හට ගන්නා ක්‍රම විවිධ බව පැහැදිලි වේ.
එම ක්‍රම සියල්ල ප්‍රධාන උප්පත්ති ස්ථාන හතරක් වශයෙන් බෙදා දැක්වීමට පුළුවන. ලොව ජීවත් වන සියලු සත්ව කොටස් මෙම ක්‍රම හතරෙන් එකකට අයත් වනු ඇත. පෙනෙන නොපෙනෙන ඕනෑම සත්ව කොට්ඨාසයක් මෙම ක්‍රම හතරෙන් එකකට අයත්ව හටගනු ඇත. එම ක්‍රම හතර නම්,
1. අණ්ඩජ – බිත්තර වලින් හටගනු ලබන සත්වයෝ, කුසෙන් බිත්තරය එළියට ඒම හා බිත්තරෙන් සත්වයා එළියට ඒම ආදී වශයෙනි.
2. ජලාබුජ - තෙත් ද්‍රව්‍යයෙන් උපදින සත්වයෝ ඔවුන් ගහකොළ, පස්, කසල, වැනි තැන්වල හටගන්නා සත්වයින් ලෙස හැඳින්වේ. ජලාබුජ නොහොත් තෙත් ද්‍රව්‍යයෙන් උපදින සත්වයින් වශයෙන් පණුවන් ආදී සතුන් පෙන්වා දී ඇත. තෙත් ද්‍රව්‍ය තුළින් ඔවුන්ගේ හට ගැනීම සිදුවේ.
3. සංසේදජ – මව් කුසින් උපදින සත්වයෝ. මෙහිදී වැදගත්මහටගැනීම වන්නේ සංසේදජ නොහොත් මව් කුසින් ඉපදීමයි. ඒ සඳහා මිනිස් ආදී සත්ව කොටස් ඇතුළත් වන අතර ඒ අතරින් වැදගත්ම වන්නේ මිනිස් හටගැනීමයි. මනුෂ්‍ය හට ගැනීමකට අවශ්‍ය සාධක හා සම්පූර්ණ විය යුතු කරුණු තුනක් ම: නි: මහා තණ්හා සංඛය සූත්‍රය තුළින් පෙන්වා දී ඇත. එනම්,
1. මාතා උතුනී හොති
2. මාතා පිතුන්නං සංගමො
3. ගන්ධබ්බො පච්චු පටිඨිතො හොති
මෙම කරුණු තුනම එකකට එකක් සාපේක්‍ෂව ගැලපීමෙන් හා සම්බන්ධ වීම තුළින් මව් කුසයක සත්වයන් හට ගනු ඇත.
4. ඕපපාතික – මව්පියන්ගේ සම්බන්ධයක් නොමැතිව ඉබේම පහළවන සත්වයෝ ඕපපාතික නොහොත් ඉබේ පහළ වන්නේ දෙවියන් ප්‍රේතයන් වැනි අයයි. දිව්‍ය ශරීර ඉතා සියුම්ය. අ: නි: තික නිපාතය ඒ පිළිබඳ කරුණු අනාවරණය වේ. දිනක් දෙවියන් බුදුන් ඉදිරියේ හිට ගැනීමට හදද්දී වැලිගොඩක හෙලූ හීයක් මෙන් යටගිය ආකාරයත් සඳහන්වේ. ඒ තරමටම ඔවුන්ගේ ශරීර සියුම්ය. ස: නි: මාර සංයුක්තය මාර වර්ගයේ ගෝධික සූත්‍රය තුළින් සියුම් ශරීර ගැන දේශනා කර ඇත.
මේ ආදී වශයෙන් ඉපදීමේ ක්‍රම රටා විවිධය. ඒවාට හසු වීම නොවීම සිදුවන්නේ කෙසේද? යන්න විමසා බැලීමේදී අප මව් කුසකම ඉපදීමට උත්සාහවත් විය යුතුය. එයට හේතුව මව් කුසක ඉපදීම දුර්ලභ කරුණක් වන බැවිනුත්, මිනිසත් බවක හට ගැනීමෙන් සියලු තැන් නිර්ණය කළ හැකි බැවිනුත්ය. සියලු තැන් නිර්ණය කළ හැකි එකම මධ්‍යස්ථානය මව් කුස නොහොත් මිනිස් ආත්මය භාවයයි. බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ පාප වර්ගයේ 9 වෙනි ගාථාව තුළින් මේ පිළිබඳ අපූරු විවරණයක් කර ඇත. එහි සඳහන් වන්නේ,
"ගබ්භමේකෙ උප්පජ්ජන්ති
නිරයං පාප කම්මිනො
සග්ගං සුගතිනො යන්ති
පරි නිබ්බන්ති අනාසවා"
(ඇතැම් කෙනෙක් මෙලොව උපදිත්, පව්කළහු නිරයේ උපදිත්, පින් කළහු දෙව්ලොව යෙති. රහත්හු පිරිනිවනට වඩිති)
මෙම ගාථා ධර්මය තුළින් උප්පත්ති ස්ථාන පිළිබඳ විවරණයක් කර ඇත. ඒ අනුව ගබ්භං යනුවෙන් දේශනා කළේ මව් ගැබ නොහොත් මව් කුසයි.
නිරය නම් අපාය යි. එනම් නරක, තිරිසන්, ප්‍රේත, අසුර ආදී සතර අපාය යි. ඒවායෙහි කුමන එකක ඉපදුනද දුක් ගින්දර විඳින්නට සිදුවේ.
සග්ගං යනුවෙන් දේශනා කළේ දෙව්ලොවය. එනම් සදිව්‍ය ලෝකයයි. චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරතී, පරිනිම්මිතවසවත්ති ආදී දිව්‍ය ලෝක සයයි. ඒවායෙහි ඉපදීම සැපයට හේතු වේ.
අනාසවා නම් කෙලෙස් නැසූ රහතන් වහන්සේලා වැනි උතුමන්ය.
ලෝකයේ බුදු පසේ බුදු මහරහත් උත්තමයෙක් වන්නේ ද මනුෂ්‍ය ආත්මභාවයකදීය. දෙවියෙක් හෝ් සත්වයෙක් හෝ වන්නේ මිනිසාමය. මිනිස් ආත්මය මධ්‍යස්ථානය වශයෙන් නම් කරන ලද්දේ එම කරුණ නිසාය. එබැවින් මව් කුසකම ඉපදීමට පින් කිරීම වැදගත් වේ.
මිනිස් ලෝකයේ සිට අන් සියලු තැන් නිර්ණය කළ හැකිය. එයට හේතුව උසස් මනසක් ලබා තිබීමය. එබැවින් අපට බුදු වන්නට, පසේ බුදු වන්නට, රහත් වන්නට, දිව්‍ය ලෝකවල උපදින්නට, සතර අපායවල ඉපදෙන්නට ඒ සියලු තැන්වලට යන නොයන බව තීරණය කරන මධ්‍යස්ථානය මනුෂ්‍ය ආත්ම භාවයයි.
එනිසා " දුල්ලභංච මනුස්සත්තං" යනුවෙන් දේශනා කළ ආකාරයට මව් කුසක ඉපදීමට බොහෝ පින්කර තිබිය යුතුය. කළයුතු නොකළ යුතු දේ හෝ යා යුතු නොයා යුතු මාවත තීරණය කිරීමට මේ මිනිසත් බවට චින්තන ශක්තියක් ඇත. එම චින්තන ශක්තිය දියුණු තියුණු කොට මිනිසත් බවින් සසර නිමාව දැකීමට ද පුළුවන.
තෙරුවන් සරණයි!
ගලගෙදර රතනවංශ හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

0 comments:
Post a Comment