බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මාර හෝ මාර යන ප‍්‍රඥප්තිය, සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය කියන ටික තියෙන්නෙ, ස්පර්ශ ආයතන හය ඇති තැන, ඇති කල්හි කියලා. අපි බලමු ඇස ඇති කල්හි, රූපය ඇති කල්හි, චක්ඛු විඤ්ඤාණය ඇති කල්හි, මේ මාර හෝ මාර ප‍්‍රඥප්තිය යෙදෙනවා.
ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ ඇති කල්හි කියලා භාග්‍යවතුන් වහන්සේ මෙතෙන් දි අදහස් කරන්නෙ මොකක් ද? ඉඳගෙන, හිටගෙන, නිදාගෙන ඇවිදින හතර ඉරියවුවේම පවතින ඇහැක් තියෙනවා නම් කෙනෙකුට අන්න එයා ඇහැ තියෙන කෙනෙක්. ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත්, රූපයක් බැලූවත්, නොබැලූවත් හතර ඉරියවුවේ ම ඇහැ තියෙනවා නම්, එයා ඇහැ තියෙන කෙනෙක්. එයා සත්ව යන ගණයට යන කෙනෙක්. එයා මාරයා එක්ක ඉන්නෙ.
ඇහැ තියෙනවා නම් රූපය තියෙනවා යන ගණයට යනවා. රූපය තියෙනවා නම් ඇහැ තියෙනවා යන ගණයට යනවා. ඒ දෙන්නා තිබුනොත් චක්ඛු විඤ්ඤාණය තියෙනවා යන ගණයට යනවා. ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවේ ම ඉරියවු පවත්වන කෙනෙකුට කන තියෙනවා නම්, කන ඇති බව හැෙඟනවා නම්, අන්න ඒකට තමයි කන ඇති කල්හි කියලා කිවුවේ. කන තිබුනොත් ශබ්දයත් තියෙනවා. සෝත විඤ්ඤාණයත් තියෙනවා. ඒ ධමයෝ ඔක්කොම තියෙනවා.
ඒ වගේම සත්‍යයෙන් ම, නිතර ම, හතර ඉරියවුවේ ම, නාසය, දිව, ශරීරය යම්කිසි කෙනෙකුට තියෙනවා නම්, මනස යම්කිසි කෙනෙකුට තියෙනවා නම්, මෙන්න මේ තැන මාර ධමය තියෙනවා සත්ව ප‍්‍රඥප්තිය තියෙනවා. ලෝකෙ කියන්නෙ මේ ස්පර්ශ ආයතන හය නිරතුරුව ම තියෙන අය. දැන් මේ පින්වතුන් ඔක්කෝටම ඇහැ, කණ, නාසය, දිව, ශරීරය තියෙනවනේ. තියෙනවා, හැම වෙලාවෙම තියෙනවනේ. ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත්, ඇවිද්දත්, ආහාර පාන ගනිද්දිත්. රූප බලන්නම ඕනෙ නෑ ඇහැ තියෙන්න. හැම වෙලාවෙම ඇහැ, කන, නාසය, දිව, ශරීරය තියෙනවා.
බුදුරජාණන් වහන්සේ සමිද්ධි හාමුදුරුවන්ට දේශනා කරනවා, ''සමිද්ධි, යම් තැනක ඇහැ නැද්ද, රූපය නැද්ද චක්ඛු විඤ්ඤාණය නැද්ද, එතන මාර හෝ මාර ප‍්‍රඥප්තිය නැත. කන නැද්ද, ශබ්දය නැද්ද, සෝත විඤ්ඤාණය නැද්ද එතන මාර හෝ මාර ප‍්‍රඥප්තිය නැත. ඒ වගේ ම මේ අටලොස් ධාතුව ම යම් තැනක නැද්ද, එතන මාර හෝ මාර ප‍්‍රඥප්තිය නැත. සමිද්ධි, යම් තැනක ඇහැ නැද්ද, රූපය නැද්ද, චක්ඛු විඤ්ඤාණය නැද්ද එතන සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය නැත.''
මේ විදියට ස්පර්ශ ආයතන හය ම පෙන්නුවා. ඒ ස්පර්ශ ආයතන හය ම, අටලොස් ධාතුව ම, යම් තැනක නැද්ද, එතන සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය නැත. බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ සලායතන නිරෝධයට තව නමක්.
දැන් අපි බලන්න ඕනෙ කොහොම ද මේ ස්පර්ශ ආයතන හය ම තියෙනවා කියන කාරණාව ලැබෙන්නේ. කුමක් නිසා ද එහෙම තියෙන්නෙ. ස්පර්ශ ආයතන හය නැතිවෙන්නෙ කොහොම ද කියන කාරණාව බලන්න ඕන.
මෙතන දී අපිට ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙ ම පරිහරණය කරන ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන යමක් ඉතිරි වුනේ කොහොම ද කියලා දන්නව ද? ඇහැට පෙනුන රූපය ඉතිරිවෙච්ච නිසා. කනට ඇහුන ශබ්දය ඉතිරිවෙච්ච නිසා. නාසයට දැනුන ගන්ධය ඉතිරිවෙච්ච නිසා. දිවට දැනුන රස ඉතිරිවෙච්ච නිසා. කයට දැනුන පොට්ඨබ්බය ඉතිරිවෙච්ච නිසා. මනසට දැනුන ධම්මාරම්මණය ඉතිරි වෙච්ච නිසයි එහෙම වෙලා තියෙන්නෙ.
තව පැත්තකින් ගත්තහම ආයුහන සංඛාරා. කර්ම රැස්වෙච්ච නිසයි. ඔය ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ඔක්කෝටම ඕවා තමයි අපිට තියෙන කර්ම නිමිති, සංඛාර. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අපි ඇහෙන් රූපයක් බැලූවොත්, බැලීමෙන් පස්සෙ, බලපු රූපය අපිට ඉතිරි වෙනවනේ. ඒ වගේ ගතියකින් පවතින අපේ මනසට, කණ්නාඩියක් ඉදිරිපිටට ගිහිල්ලා මූණ බැලූවහ ම ඒ පෙනෙන ඡායාව හටගෙන නැතිවෙනවා කියලා දන්නෙ නෑ. හොඳට ඒ පෙනෙන රූපෙ නිමිති ගන්නවනේ. අරගෙන ඊට පස්සෙ කෙලේසයකින් ගැට ගහනවා මේ තමයි මගේ ඇස් දෙක කියලා බාහිර රූපය අරබයා ආධ්‍යාත්මික සංයෝජනයක් අපිට උපදිනවා. බාහිර වර්ණ රූපය පිරිසිඳ නොදකින කම නිසා ඇහැ කියන එක අපිට උරුම වෙලා තියෙනවා. බාහිර ශබ්දය කියන එක පිරිසිඳ නොදකින නිසා කන කියන එක අපිට උරුම වෙලා තියෙනවා. ගන්ධය පිරිසිඳ නොදකින නිසා නාසය උරුම වෙලා තියෙනවා. රස පිරිසිඳ නොදන්න නිසා දිව උරුම වෙලා තියෙනවා. පොට්ඨබ්බය පිරිසිඳ නොදන්න නිසා කය උරුම වෙලා තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයට යම් යම් අරමුණක් හම්බවුනහම, ස්පර්ශ නිරෝධයෙන් ඒ ආයතන නිරුද්ධයි කියන එක නොපෙනී, ඇති බවට පෙනෙන ලක්ෂණය නිසයි, මේ ස්පර්ශ ආයතන හය ම තියෙනවා වගේ හැඟීමක් අපට තියෙන්නෙ. මේ ස්පර්ශ ආයතන හය ම තියෙනවා කියලා දැනෙන හැ`ගීම තියෙන්නෙ එක්ම මනෝ විඤ්ඤාණය හරහායි. මනෝ විඤ්ඤාණය නමැති සිතෙයි, ඇහැ, කන, නාසය, දිව, ශරීරය තියෙනවා කියන හැ`ගීම තියෙන්නෙ. එහෙම ධමතාවයක් නෑ. නමුත් අපේ මනසෙ එහෙම යෙදෙනවා. ඒක අපිට තේරෙන්නෙ නෑ.
බුදුරජාණන් වහන්සේ අනික්පැත්තට පෙන්නනවා, යම් තැනක ඇහැ නැද්ද, රූපය නැද්ද, චක්ඛු විඤ්ඤාණය නැද්ද, මාර යන ප‍්‍රඥප්තිය නොයෙදෙනවා. සත්ව යන ප‍්‍රඥප්තිය නොයෙදෙනවා කියලා. එතන දී ඇහැ රූප චක්ඛු විඤ්ඤාණ නැද්ද කියන කාරණාව පෙන්නුවේ, යම්කිසි කෙනෙකුට දැකපු හැම දෙයක් ම අතීතයේ නිරුද්ධ වෙච්ච බව මනසෙ එළඹ සිටිනවා නම්, නූපන්න ධමයෝ අනාගතයේ තවම නූපන්න බව මනසෙ එළඹ සිටිනවා නම්, වතමානයේ දී ඇහැ, රූප, චක්ඛු, විඤ්ඤාණය යෙදිලා යමක් පෙනෙයි නම් ඒ හේතු ටික නැතිවෙනකොට පෙනෙන දේ නැතිවෙනවා කියන තැනක මනස තියෙනවා නම්, එයාට ඇහැ හටගෙන නැතිවෙන එකක් මිස ඇහැ තියෙන එකක් නෙමෙයි.
ඇහැ නැති කල්හි කියලා කිවුවේ ඇහැ අවස්ථාවටත් පේන්නෙ නැති විදියට අන්ධ වෙනවා කියලා හෝ ඇහැ පරිහරණය නොකරනවා කියලා හෝ නෙවෙයි. ඇහෙන් රූපයක් බලලා, ඒ බැලීමෙන් පස්සෙ ඇහැ නිරුද්ධ වෙනවා කියන එක වෙනම සිද්ධියක්. ඇහැ ඇති බවක තබාගන්නවා කියන එක වෙනම සිද්ධියක්. මේක පටලවගන්න එපා. බුදුරජාණන් වහන්සේ ඇහැ ඇති කල්හි කියලා දේශනා කළේ, ඇහෙන් යම් පෙනීම් කෘත්‍යයක් කරලා, ඒ රූපය පෙනීම සම`ග ම පෙනුන ඇහැ ද නිරුද්ධ වෙනවා. නමුත් ඒ ඇහේ නිරෝධය වෙනුවට ඇහැ ඇති බවක මනස පවතිනවා නම් මෙන්න මේ ටිකෙයි කෙලේසෙ තියෙන්නෙ. එහෙම නැතුව අවස්ථාවට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා. නමුත් ඒ දර්ශන කෘත්‍යය කරන තැනකින් තියෙනවා නම් එයාට ඇහැ ඉතුරුවෙන්නෙ නෑ. ඇහැ නිරුද්ධ වෙනවා.
ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයම අතීත ධර්මයෝ නිරුද්ධ වෙලා, අනාගත ධර්මයෝ ඉපදිලා නෑ. වර්තමානයේ ප‍්‍රත්‍යයෙන් හටගත්ත මේ ස්කන්ධ ටික ප‍්‍රත්‍ය නැතිවෙනකෙට නැතිවෙනවා කියන නුවණ යම්කිසි කෙනෙකුට තියෙනවා නම් එයාට එකදු ආයතනයක් වත් ඉතුරු වෙන්නෙ නෑ.
නුවණින් ආයතන ටිකේ ඇත්ත දැකලා - පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන ඇත්ත - ඒ ඇත්ත නුවණින් දැකලා ආයතන ටික පරිහරණය කිරීම දෝෂ නෑ. පරිහරණය කළායින් පස්සේ ඉතුරුවෙන එකයි දෝෂෙ. ඕක තමයි තණ්හාව. තියාගන්න එක. රැුස්කරන එකයි දෝෂෙ. අපි අතහරින්න, අතහරින්න කියලා කතා කරනවා ඔන්න අතහරින්න ඕන තැන බලාගන්න.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් 2013 ඔක්තෝබර් මස 13 වන දින මාතලේ දී කරන ලද ධර්ම දේශනය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
0 comments:
Post a Comment