මල්ලිකෝවාද සුත්‍රය




අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාත පාලියෙහි ඇතුළත් 'මල්ලිකෝවාද සූත්‍රයෙහි' සඳහන් ස්තී‍්‍ර වර්ගීකරණයන්

පාලි සුත්‍රය

එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො මල්ලිකා දෙවී යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මල්ලිකා දෙවී භගවන්තං එතදවොච -
''කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා (ස්‍යා. පී. පොත්ථකෙසු ''දුබ්බණො ච හොති දුරූපො සුපාපකො''ති එවමාදිනා පුල්ලිඞ්ගිකවසෙන දිස්සති) දස්සනාය; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච?
''කො පන, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය; අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච?
''කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච?
''කො පන, භන්තෙ, හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා චා''ති?
''ඉධ , මල්ලිකෙ, එකච්චො මාතුගාමො කොධනා හොති උපායාසබහුලා. අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජති කුප්පති බ්‍යාපජ්ජති පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා (සො (ස්‍යා.)) න දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. ඉස්සාමනිකා (ඉස්සාමනකො (ස්‍යා.)) ඛො පන හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා (සො (ස්‍යා.)) යත්ථ යත්ථ පච්චාජායති දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
''ඉධ පන, මල්ලිකෙ, එකච්චො මාතුගාමො කොධනා හොති උපායාසබහුලා. අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජති කුප්පති බ්‍යාපජ්ජති පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. අනිස්සාමනිකා ඛො පන හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය; අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
''ඉධ පන, මල්ලිකෙ, එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා. බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජති න කුප්පති න බ්‍යාපජ්ජති න පතිත්ථීයති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා න දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. ඉස්සාමනිකා ඛො පන හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
''ඉධ පන, මල්ලිකෙ, එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා. බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජති න කුප්පති න බ්‍යාපජ්ජති න පතිත්ථීයති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. අනිස්සාමනිකා ඛො පන හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා; අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
''අයං ඛො, මල්ලිකෙ, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච. අයං පන, මල්ලිකෙ, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය; අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච. අයං ඛො, මල්ලිකෙ, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා; දලිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච. අයං පන, මල්ලිකෙ, හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා; අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා චා''ති.
එවං වුත්තෙ මල්ලිකා දෙවී භගවන්තං එතදවොච - ''යා නූනාහං (සා නූනාහං (ස්‍යා.), යං නූනාහං (ක.)) භන්තෙ, අඤ්ඤං ජාතිං (අඤ්ඤාය ජාතියා (ස්‍යා.))කොධනා අහොසිං උපායාසබහුලා, අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජිං කුප්පිං බ්‍යාපජ්ජිං පතිත්ථීයිං කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසිං, සාහං, භන්තෙ, එතරහි දුබ්බණ්ණා දුරූපා සුපාපිකා දස්සනාය.
''යා නූනාහං, භන්තෙ, අඤ්ඤං ජාතිං දාතා අහොසිං සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං, සාහං, භන්තෙ, එතරහි අඩ්ඪා (අඩ්ඪා ච (සී. පී. ක.)) මහද්ධනා මහාභොගා.
''යා නූනාහං, භන්තෙ, අඤ්ඤං ජාතිං අනිස්සාමනිකා අහොසිං, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සිං න උපදුස්සිං න ඉස්සං බන්ධිං, සාහං, භන්තෙ, එතරහි මහෙසක්ඛා. සන්ති ඛො පන, භන්තෙ, ඉමස්මිං රාජකුලෙ ඛත්තියකඤ්ඤාපි බ්‍රාහ්මණකඤ්ඤාපි ගහපතිකඤ්ඤාපි, තාසාහං ඉස්සරාධිපච්චං කාරෙමි. එසාහං, භන්තෙ, අජ්ජතග්ගෙ අක්කොධනා භවිස්සාමි අනුපායාසබහුලා, බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජිස්සාමි න කුප්පිස්සාමි න බ්‍යාපජ්ජිස්සාමි න පතිත්ථීයිස්සාමි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච න පාතුකරිස්සාමි; දස්සාමි සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. අනිස්සාමනිකා භවිස්සාමි, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සිස්සාමි න උපදුස්සිස්සාමි න ඉස්සං බන්ධිස්සාමි. අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසිකං මං, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත''න්ති. සත්තමං.

*******************************************************
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි, මල්ලිකාදේවිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පසෙක සිටිමින් මේ ලෝකයේ ජීවත්වන කාන්තාවන් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් විවාළේය. එම ප්‍රශ්න මෙසේය.
පළමු ප්‍රශ්නය
ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් දුර්වර්ණ වේද, නපුරු ස්වරූ ඇත්තේ වේද, දැකීමට අපි‍්‍රය බවක් ඇති වේද, දිළිඳු වේද, තමාට හිමි වූ ස්වකීය ධන ධාන්‍ය නැත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු නැත්තේ වේද, ස්වල්ප පිරිවර ඇත්තේ වේද මෙවැනි කාන්තාවන් සිටිති. ස්වාමිනී, මෙසේ වීමට හේතු කවරේද?
දෙවන ප්‍රශ්නය
ස්වාමිනී, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් දුර්වර්ණ වේද, නපුරු ස්වරූප ඇත්තේ වේද, දැකීමට අපි‍්‍රය බවක් ඇති වේද, එහෙත් වස්තුවෙන් ආඪ්‍යවුයේ වේද, ධන ධාන්‍ය ඇත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවරද ඇත්තේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමිනි,මෙසේ වීමට හේතු කවරේද?
තෙවන ප්‍රශ්නය
ස්වාමිනී, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් මනා රූප ඇත්තේ වේද, දැකීමට පි‍්‍රයවුයේ වේද, යද, සතුට ගෙනදෙන්නේ වේද, දැකුම්කලු වර්ණයෙන්, සෞන්දර්යයෙන් යුක්ත වේද, දිළිඳු වූයේ වේද, එහෙත් ධන ධාන්‍ය රහිත වූයේ වේද, භෝග නැත්තේද,මහා බලවන්තියක් නොවූයේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමීනි, මෙසේ වීමට හේතු කවරේද?
සිව්වන ප්‍රශ්නය
ස්වාමිනී,මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් මනා රූප ඇත්තේ වේද, දැකීමට පි‍්‍රයවූයේ වේද, යද, සතුට ගෙනදෙන්නේ වේද, දැකුම්කලු වර්ණයෙන්, සෞන්දර්යයෙන් යුක්ක වේද, වස්තුවෙන් ආඪ්‍යවූයේ වේද, ධන ධාන්‍ය ඇත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවරද ඇත්තේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමිනී, මෙසේ වීමට හේතු කවරේද?
බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු
මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම එයම නිමිති කොටගෙන එහිම ළඟයිද, කීපෙයිද, නියමභාවය අත්හරීයිද, තද බවට පැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද, ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්තු, යානා, මල් සුවඳ, විලවුන්, සයන, ආවාස, පහන් නොදෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තී වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර,සැළකිලි, වැඳීම් පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යාකරයිද, තරහ ගනීද, ඊර්ෂ්‍යාව බඳීද,ඉදින් ඇය ඉන් චුතවුයේ,මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, දුර්වර්ණ වූයේ, නපුරු ස්වරූප ඇත්තේ දැකීමට අපි‍්‍රය වූයේ දිළිඳු වූයේ ස්වකීය වූ ධන ධාන්‍ය නැත්තේ, උපභෝග පරිභෝග වස්තු නැත්තේ, ස්වල්ප පිරිවර ඇත්තේ වෙයි. මෙය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල් සුවඳ, විලවුන්,සයන,ආවාස, පහන් නොදීමෙහි ඊර්ෂ්‍යා කිරීමෙහි, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම් පිඳිම් ආදියෙහි ඊර්ෂ්‍යා කිරිමෙහි තරහ ගැනීමෙහි ඊර්ෂ්‍යා බැඳීමෙහි විපාකයි.
මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම එහිම ලැගෙයිද, කිපෙයිද,නියමභාවය අත්හරියද, තද බවට පැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද, පහළ කරයිද,ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්,සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යා යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද, ඉදින් ඇය ඉන් චුතවුයේ,මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, දුර්වර්ණ වූයේ නපුරු ස්වරූපයද, දක්නට අපි‍්‍රයබව ඇත්තේ නමුත්, වස්තු වෙන් ආඪ්‍යවුයේ ද ධන ධාන්‍ය ඇත්තේවේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද,මහත් පිරිවර ඇත්තේ ද වෙයි.
මෙසේ ඇය දුර්වර්ණ වන්නේ, නපුරු වන්නේ, දැකීමට අපි‍්‍රය වන්නේ, ක්‍රෝධ කිරීමෙහී, බහුලකොට කිපීමෙහි, ස්වල්පයක් කියන ලද්දේ එහිම ලැගගෙන සිටීමෙහි, තද බවට පත්වීම ආදියෙහි විපාක වශයෙනි. එහෙත් ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රහ්මණයන්ට හෝ ආහාරපාන, වස්තු,යානා, මල් සුවඳ විලවුන්,සයන, ආවාස, පහන් දීමෙහි, ඊර්ෂය්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකිරිමෙහි, ද්වේෂ නොකිරීමෙහි, ඊර්ෂ්‍යා නොබැඳීමෙහි විපාක නිසා වස්තු වෙන් ආඪ්‍යවූයේ ද,ධන ධාන්‍ය ඇත්තද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේද, මහත් පිරිවර ඇත්තේ ද වෙයි.
මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකරයිද, එහෙත් ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා,මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් නොදෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලාභ සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳිම්,පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා කරයි ද, ද්වේෂ කරයිද, ඊර්ෂාව බඳියිද,
ඉදින් ඇය ඉන් චුතවුයේ, මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රය වෙයි. ප්‍රසාද එළවයි. දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙයි. එහෙත් ඇය දිළිඳු වෙයි. තමාගේයැයි කියා යමක් නැත්තේ වෙයි. භෝග නැත්තේ වෙයි. පිරිවර නැත්තේ වෙයි.
ඇය මනා රූ ඇත්තේ, දැකීමට පි‍්‍රය ඇත්තේ ප්‍රසාද එළවන්නේ, දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නේ ක්‍රෝධ නොකිරීමෙහී, ක්‍රෝධ බහුලකොට නොකිරීමෙහි, බොහෝ කීවත් එහි නොලැගීමෙහි, නොකිපීමෙහි, ප්‍රකෘතිභාවය අත් නොහැරීමෙහි, තද බවට නොපැමිණීමෙහි, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකිරීමෙහි විපාකයි. ඇය දිළිඳු වන්නේ, තමාගේයැයි කියා යමක් නැත්තියක් වන්නේ, භෝග තැත්තියක් වන්නේ, පිරිවර නැත්තියක් වන්නේ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දීමෙහි, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තියක් වීමෙහි, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්,පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා කිරිමෙහි ද්වේෂ කිරීමෙහි, ඊර්ෂ්‍යාව බැඳීමෙහි විපාක වශයෙනි.
මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකරයිද, එමෙන්ම ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැලකිලි, වැඳීම්,පිඳිම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද, එහි විපාක වශයෙන් ඉදින් ඇය ඉන් චුතවුයේ, මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රය වෙයි. ප්‍රසාද එළවයි. දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. එමෙන්ම සම්පත් වලින් ආඪ්‍යවුයේ ද, ධන ධාන්‍ය ඇත්තේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවර ඇත්තේ ද වෙයි.
එබැවින් යම් ස්ත්‍රියක් ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද,නොසතුටද ප්‍රකාශ නොකරයිද, මතු උපදින භවයෙහි මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රයවෙයි. ප්‍රසාද එළවයි,දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන,වස්ත්‍ර,යානා, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද එහි විපාක වශයෙන් ඇය මතු උපදින භවයන් හි සම්පත් වලින් ආඪ්‍යවුයේ ද, ධන ධාන්‍ය ඇත්තේද වේ. උපභෝග පරිභෝග වස්තු ඇත්තේ ද වේද, මහත් පිරිවර ඇත්තේද වෙයි.
.
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+