'ඇස ඇති කල්හි' - 01 කොටස

×


පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර විශාඛා මහාඋපාසිකාව විසින් කරවන ලද පූර්වාරාම විහාරයේ වාසය කරන කොට, සමිද්ධි කියලා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළගට ඇවිල්ලා වන්දනා කරලා, එකත් පසෙක සිටිමින් භාග්‍යවතුන් වහන්සේගෙන් ප‍්‍රශ්නයක් අහනවා.
''ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාරයා මාරයා කියලා කියනවා. කොපමණකින් මාරයා වෙනවද?'' භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා,
''සමිද්ධි, යම් තැනක ඇස තියෙනවා නම්, රූපය තියෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය තියෙනවා නම් එතන මාර හෝ මාර යන ප‍්‍රඥප්තිය යෙදෙනවා.''
ඒ වගේ ම කන, ශබ්දය, සෝත විඤ්ඤාණය කියලා මේ වගේ ස්පර්ශ ආයතන හය අරබයා ම දේශනා කරනවා. මේ ධමයෝ ඇතිකල්හි මාර හෝ මාර යන ප‍්‍රඥප්තිය යෙදෙනවා.
ආපහු දවසක් ඔය විදියට ම සමිද්ධි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළ`ගට ඇවිල්ලා අහනවා, ''ස්වාමීන් වහන්ස, මේ සත්වයා, සත්වයා කියලා කියනවා. කොපමණකින් සත්වයෙක් වෙනව ද?'' ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
''සමිද්ධි, යම් තැනක ඇස තියෙනවා නම්, රූපය තියෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය තියෙනවා නම් එතන සත්ව හෝ සත්ව යන ප‍්‍රඥප්තිය පවතිනවා''
මේ විදියට ස්පර්ශ ආයතන හයම පෙන්නුවා. මේ ස්පර්ශ ආයතන හය යම් තැනක තියෙනවා නම් එයා සත්ව පුද්ගලභාවයෙන් මිදිලා නෑ. සත්ව පුද්ගල භාවයෙන් මිදෙන්නේ නෑ කියන්නේ ජරා මරණයන්ගෙන් මිදෙන්නෙ නෑ. හැ`ඞීම්, වැලපීම්, ශෝක කිරිම්, දුක් දොම්නස්වලින් මිදිලා නෑ. ඒ ධමයන්ගෙන් යුක්තයි. එයා මාරයාගෙන් මිදිලා නෑ.
මාරයො පස් දෙනෙක් ඉන්නවා.
ස්කන්ධ මාර
ක්ලේශ මාර
අභිසංස්කාර මාර
මච්චු මාර
දේවපුත්ත මාර
ස්කන්ධ මාර කියලා කිවුවෙ ඇහැ, රූපය, චක්ඛු, විඤ්ඤාණය කියන ටිකට. මේ ධමයෝ ඇති තැන එයා මරණයෙන් මිදිලා නෑ. මරණයට පමුණුවන නිසා මරණයට ගෙනියන නිසා මරණය නමැති ධමතාවය උරුම කරවන නිසා මේ ස්කන්ධයෝ මාර යන නම ලබාගන්නවා.
ක්ලේශ මාර කිවුවෙ අවිද්‍යා, තණ්හා, ආශ‍්‍රව, උපාදාන ආදී කෙලෙස් ටික. ජරා මරණයට පමුණුවන නිසා මරණයෙන් නොමිදෙන නිසා මාර යන ප‍්‍රඥප්තිය ලබනවා.
අභිසංස්කාර මාර කියලා කියනවා පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභි සංස්කාර කියලා කර්ම කියලා අපි කියන්නෙ. මෙන්න මේ කමක්ෂය නොකළහමත්, ඒ කර්ම හේතුවෙනුත් ජරා මරණයන්ට පමුණුවන නිසා, ජරා මරණය උරුම කරවන නිසා මරණය ලබාදෙන අර්ථයෙන් මාර කියලා කියනවා.
සත්ව ප‍්‍රඥප්තිය තුල, මරණය නමැති ධමතාවය උරුමකරවන නිසා මච්චු මාර කියලා කියනවා. මරණ සංඛ්‍යාත මාරයා.
තව ඉන්නවා දේවපුත්ත මාර කියලා කෙනෙක්. පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ. මෙයත් සත්වයන් අජරාමර වෙනවට අකමැතියි. වෙන මුකුත් හින්දා නෙවෙයි. දැන් මනුෂ්‍යයො ළගත් බොහෝ විට තියෙනවනෙ. තමන් යම් මට්ටමක ඉන්නවා නම්, තමන්ට පහළින් ඕන මට්ටමක හිටියට කමක් නෑ. තමන්ට වඩා ටිකක් උසස් වෙනවා නම් ඊර්ෂ්‍යා කරන ගතියක් තියෙනවනෙ. අන්න ඒ ගතියයි තියෙන්නෙ මේ මාරයගෙ.
එයාට වඩා පහළින් ඉදගෙන ඕන දෙයක් කළාට එයාගෙන් බලපෑමක් නෑ. දැන් අපි ගැන නම් බයවෙන්න දෙයක් නෑ. මොකද මාරයා කරන්න ඕන ටික අපිම කරගන්න බව දන්න නිසා එයාගෙ බලපෑමක් නෑ. නමුත් නීවරණ ධර්ම දුරුවෙලා මේ කාම භූමි විෂය ඉක්මවන්න හැදුවොත් අන්න එතකොටයි මේ මාරයගෙ බලපෑම් එන්නෙ. එහෙම නැතුව අපි මේ පුංචි සමථයක් වඩන්න හදනකොට තාවකාලිකව, එහෙම ඒවට එන්නෙ නෑ. ඒකට බයවෙන්න එපා. අපි පොඞ්ඩක් ඇත්නම් මාර ධර්ම, මාර ධර්ම කියනවා. එහෙම නෑ.
නීවරණ ධර්ම දුරු වෙලා කාම භූමිය තරණය කරන්න හැදුවොත්, එයාගෙ විෂය ඉක්මවා යන්න හදන නිසා එයා අකමැතියි. එයා කැමති වෙන්නෙ ලෝකෙ එයාට පහතින් තියන්න නම්, එයා ජරා මරණ ස්වභාවයෙන් යුක්ත නම්, එයාට පහතින් ඉන්න කෙනා කොහොමත් ජරා මරණයෙන් යුක්තයිනෙ. අන්න ඒ ස්වභාවයට පමුණුවන නිසා එයාට මාර කියලා කියනවා.
යම් තැනක ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය තියෙනවා නම්, මෙන්න මේ පංච මාරයගෙ වසෙ`ග පවතිනවා. මාරයාට කැමැත්තක් කළ හැකි තත්වෙට පත්වෙනවා. මාරයාගෙන් මිදිලා නෑ. එයා සත්ව හැ`ගීමෙන්, සත්වයා යන ස්වභාවයෙන් මිදිලා නෑ. ජරා මරණයන්ගෙන් මිදිලා නෑ.
බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා, සම්මා සම්බුද්ධත්වයට පත්වුනා කියන්නෙ පංච මාරයන් ම දිනුවා.
'පංච මාරො ජිතො නාථො'
බුදුරජාණන් වහන්සේ ස්කන්ධ මාරයන්ගෙන් දිනුවා. ක්ලේශ මාරයන්ගෙන් දිනුවා. අභිසංස්කාර මාරයන් දිනුවා. මච්චු මාරයත් දිනුවා.
මොකද ඇතිදේකට සාපේක්ෂවයි නැතිකම.
'නත්ථි ජාතස්ස අමරණං'
උපන්නහුට නොමැරීමක් නැත.
බුදු රජාණන් වහන්සේ ඉපදීම නැති කළා. ඒ නිසා මරණයත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේවපුත්ත මාරයාත් දිනපු නිසා පස් මරුන් දිනුවා. මේ පස් මරුන්ව පරාජය කරලා දිනුවොත් තමයි අපිටත් සසර දුකින් එතෙර වෙන්න පුළුවන් වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ පස් මරුන් දිනලා අජරාමර තත්වෙට පත්වුනා. මාරයගෙ නොදැක්මට ගියා. මාරයගෙ ඇස අන්ධ කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තත්වෙට පත්වෙච්ච භාග්‍යවතුන් වහන්සේ, එබදු වූ තත්වයට පත්වෙන්නට සව්වන්ට අනුශාසනා කළා. තමන් වහන්සේ පංච මාරයාගෙන් දිනලා, ලෝකයාට අනුශාසනා කළා පංච මාරයාගෙන් මිදෙන්නට.
ඒ පංච මාරයාට හසුනොවෙන භූමිය අපි ඉස්සෙල්ලා ඉගෙනගන්නට ඕන. මේ මාරයො පස්දෙනාගෙ නොදැක්ම වෙන්නෙ කුමන තැනකට ගියා ම ද කියන කාරණාව. ඒ තැන දැනගෙන ඊට පස්සෙ ඒ තැනට යන මාගය දැනගන්න ඕන. දැනගෙන ටික ටික හරි උත්සාහවත් වෙන්න ඕන. අන්න එතකොට එයාට මාරයාගෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේ ම යම් තැනක ද, සත්ව පුද්ගල ප‍්‍රඥප්තිය පවතින්නෙ, සත්ව පුද්ගල ධමතාවය පවතින්නෙ, ඒ අනුව ජරා මරණ ධර්මතා පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ සත්ව පුද්ගල භාවයෙන් මිදිලා, ඒ සත්ව පුද්ගල සන්තානවල තියෙන ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් මිදිලා, ඒ සත්ව පුද්ගලයන්ට ඇතිවන ජරා මරණයන්ගෙන් මිදිලා. විමුක්ති මනසක් හදාගෙන, එබ`දු ජරා මරණයන්ගෙන් මිදීම ස`දහා, සත්ව පුද්ගල භාවයෙන් මිදීම ස`දහා භාග්‍යවතුන් වහන්සේ ධමය දේශනා කරනවා.
අපි මෙතන දී ඉගෙනගන්නට ඕනෙ ඒ සත්ව පුද්ගල භාවයෙන් මිදුන තැන, මිදුන භූමිය මොකක්ද කියන එක. ඊට පස්සෙ ඒ සත්ව පුද්ගල භාවයෙන් මිදුන භූමියට යන මග මොකක් ද කියන එක හොයාගන්නට ඕන. මේ ටික තමයි මුළු පිටකය පුරාවට ම නොයෙක් පද ව්‍යංජනයන්ගෙන් පෙන්නලා තියෙන්නෙ.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් 2013 ඔක්තෝබර් මස 13 වන දින මාතලේ දී කරන ලද ධර්ම දේශනය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+