දියුණුවක් බලාපොරොත්තු වන පුද්ගලයකු තුළ නොතිබිය යුතු ගති ලක්ෂණ කිහිපයක් පෙන්වාදීමට අපි මෙවර අදහස් කරමු. මෙහිදී දියුණුව වශයෙන් අදහස් කරන්නේ භෞතික සහ අධ්‍යාත්මික යන අංශ දෙකෙහිම සංවර්ධනයයි. බුදු දහමෙහි දියුණුව යනුවෙන් අපේක්‍ෂා කරන්නේද එම අංශ දෙකෙහිම සංවර්ධනයයි.බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය හී පැවිදි ජීවිතය හෝ ගතකරන සියලුම දෙනාට මෙම කරුණු පොදුවේ බලපාන බව පෙන්වා වදාළහ.
සුභානු පස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනං හිච අමත්තඤ්ඤං
කුසීතං හීන වීරියං
යථාර්ථය නොදැකීම, ඉන්ද්‍රිය සංවරයෙන් තොරවීම, ආහාරයෙහි පමණ දැන නොසිටීම, කුසීතකම සහ උත්සාහය අඩුකම යන ගති ලක්‍ෂණ දියුණුවේ මඟ වළකයි.
දියුණුව කරා ළඟාවීම යනු උට්ඨාන වීර්යෙන් යුතුව සැලැසුම් සහගතව සිදුවන ක්‍රියාත්මකවීමක ප්‍රතිඵලයකි. එහෙත් යම් කිසිවකු යථාර්ථාව බෝධයෙන් බැහැරව කටයුතු කරන්නේ නම් මේ ක්‍රියාත්මකවීම නිවැරැදිව සිදු නොවේ. සමාජයෙහි ජීවත්වන සෑම අයකුටම තමන්ගේ වයස් ප්‍රමාණයේ හැටියට සමාජ අවබෝධයක්ද තිබිය යුතුය. එනම් දරුවකු නම් ඒ ප්‍රමාණයට ගැළැපෙන අවබෝධයක්ද වැඩිහිටියකු නම් එකී වයසට අනුව සමාජ අවබෝධයක්ද ලබා තිබීම අවශ්‍යය. අවබෝධයෙන් තොරව සියවසක් ජීවත් වුවද අවබෝධපූර්වක එක දවසක් ජීවත්වීම එයට වඩා වටී.
මෙබඳු වූ අවබෝධයද වර්ගකොට දැක්විය හැකිය. එනම්, දෛනික ජීවිතය හා දෛනික ගැටලු පිළිබඳ අවබෝධයත් සමාජය හා අන්‍යයන් පිළිබඳ අවබෝධයත් යනුවෙනි. තමා පිළිබඳත් සමාජය පිළිබඳත් අවබෝධය අඩු පුද්ගලයා ගැටලු වැඩිපුර ඇතිකර ගනී. සමාජ ස්වභාව තේරුම් බේරුම් කරගැනීමට උනන්දු වනවාට වඩා ඒ ඒ පුද්ගලයන් සමඟ ගැටුම් අරගල ඇතිකර ගනී. එය දියුණුවට නොව පිරිහීමට බලපාන කරුණකි.
පාසල් දරුවකු සලකා බලමු. ඔහුට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ තමන් කරන කියන අධ්‍යාපන කටයුතු අවබෝධයෙන් යුතුව කිරීමයි. කාලසටහනකට අනුව කාලය බෙදා හදාගෙන කටයුතු කිරීම, විචක්ෂණශීලි බව සහ සිතේ එකඟකම ඔහුට බෙහෙවින් වැදගත්ය. අධ්‍යාපනය ලැබිය යුතුව තිබියදී එම අධ්‍යාපනය නිසි ලෙස ලබා නොගන්නේ නම් ඒ අනුව ඔහුගේ අනාගතයේ පැහැබර බව හීන වනු ඇත. සෑම පුද්ගලයකුම ස්වකීය වයස් මට්ටම් අනුව, තමන් නිරතවන කාර්යය අනුව තමනට පැවරෙන වැඩ කොටස් නිවැරැදිව නිශ්චිතව දැන උගෙන ඉටු කිරීම මගින් ජීවිතයේ සෑම අංශය කම සංවර්ධනයක් උදාකරගත හැකිවෙයි.
ඉන්ද්‍රියන් සංවර කරගැනීමද දියුණුවන පුද්ගලයකුගේ ලක්‍ෂණයකි.
මනුෂ්‍යයෙකුට ඉන්ද්‍රියන් පහක් තිබේ. එනම් ඇස, කන, නාසය, දිව සහ ශරීරය යනුවෙනි.මෙම ඉන්ද්‍රියන්ගෙන් ගන්නා සියලු අරමුණු මනැසට සම්බන්ධ වන නිසා මනැසද ඉන්ද්‍රියක් හැටියට (මනේන්ද්‍රිය ) දක්වා තිබේ.
සාමාන්‍යයෙන් ඇසෙහි ස්වභාව පි‍්‍රය රූපවල ඇලීමයි. කනෙහි ස්වභාව පි‍්‍රය ශබ්දවල ඇලීමයි. නාසයෙහි ස්වභාව පි‍්‍රය උපදවන ගන්ධයෙහි ඇලීමයි. දිවෙහි ස්වභාව පි‍්‍රය රසයෙහි ඇලීමයි. ශරීරයෙහි ස්වභාව වන්නේ පි‍්‍රය පහසෙහි ඇලීමයි. මේ ඉන්ද්‍රියන් මගින් ගනු ලබනා අරමුණුවල ඇලීම ඇතිකරවනු ලබන්නේ මනේන්ද්‍රිය මගිනි. මේ පි‍්‍රය බව සාපේක්‍ෂයි. ඔවුනොවුන් අනුව වෙනස් වේ. එක්කෙනෙකුගේ ඇසට පි‍්‍රය රූපය තව කෙනකුගේ ඇසට අපි‍්‍රය විය හැකිය. එය එසේ වන්නේ මානසික ස්වභාව මතයි. ඉන්ද්‍රියන්ගේ මෙම ස්වභාව වෙනස් කළ නොහැකි නමුදු ඉන්ද්‍රිය සංවරය යන්නෙන් අපේක්‍ෂා කරන්නේ ඉන්ද්‍රියන්ට ලැබෙන අරමුණු අනුව කරන ක්‍රියාකරකම් තමාට, සමාජයට හානිදායක නොවන ලෙස පවත්වා ගැනීමයි. එවිට නිතැතින්ම යෝග්‍ය අයෝග්‍ය අරමුණු හඳුනාගැනීම සිදුවන අතර තමා තුළ සංවරය තවදුරටත් වැඩේ.
ඉන්ද්‍රිය සංවර පුද්ගලයා ඉඳුරන්ගේ ස්වභාව මැනැවින් දැන හඳුනාගෙන තමාගේ දියුණුව පිණිසද සමාජයට හානියක් නොව යහපතක්ම වන ලෙසද කටයුතු කරයි.
ඇසෙන් රූප නොබලා සිටීම ඇසේ සංවරය ලෙසද කනෙන් ශබ්ද නොඅසා සිටීම කනෙහි සංවරය ලෙසද නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය නොකර සිටීම එහි සංවරය ලෙසද ආදි වශයෙන් පංච ඉන්ද්‍රියන්ගෙන් සුබ අරමුණු නොගෙන සිටීම ඉන්ද්‍රිය සංවරය වශයෙන් බුද්ධ කාලීන සමාජයෙත් ඇතැම් ආගමික සම්ප්‍රදායවල උගන්වනු ලැබිණි. බුදුදහමෙහි එම අදහස දැඩි ලෙස බැහැර කරනු ලැබේ. ඉඳුරන්ගෙන් අරමුණු ගැනීම කළ යුතු වේ. එහෙත් එය සංවරශීලි විය යුතුය. එසේ නොවේ. නම් ඒ පුද්ගලයාට දියුණුව කරා යන ගමනේදී බරපතළ ගැටලු ඇතිවේ. කුම්බෝපන සූත්‍රයෙහිදී බුදු හිමියන් දක්වා ඇත්තේ, ඉබ්බා සියලු අවයව කටුව ඇතුළෙහි ලාගෙන විපත්තියෙන් ගැලවෙන්නාසේ ඉඳුරන් ගෙන් ගන්නා අරමුණුවල පමණ දැනගෙන ඒවායින් ප්‍රයෝජන ගත යුතුබවයි.
භෝජනයෙහි ප්‍රමාණය නොදැන සිටීමද දියුණුවෙහි මඟ අවුරන්නකි. මෙහිදී භෝජනයෙහි ප්‍රමාණය ලෙස දක්වා තිබෙන්නේ කෑම වේල පිළිබඳ පමණක්ම නොවේ. එය පරිභෝජනය යනුවෙන් දැක්විය හැකිය. ඕනෑම තැනැත්තකුට තමා භුක්ති විඳින ආහාරාදිය එහි ගෝචර අගෝචර බව පිළිබඳ වැටහීමක් තිබීම අවශ්‍යය. එසේම ඊට වන වියදම් ආදිය ගැනද ඔහු අවබෝධයෙන් යුක්තවීම වුවමනායි. ඊට තමාට වියදම් කළ හැකි ප්‍රමාණය සහ වියදම් කරන ප්‍රමාණය පිළිබඳ සැලැස්මක් ද දැනුමක්ද තිබේ නම් එය අපතේ යෑම ද වළකයි. ගෙදරක නම් සතියක වියදම, මාසයක වියදම ආදිය පිළිබඳ දැනීමක් තිබිය යුතුය.
නිවැසියන්ගේ පරිභෝජනයට අත්‍යවශ්‍ය දෙය, අඩුකළ හැකි දෙය, එකතු කළ හැකි දෙය සහ වෙනස් කළ හැකි දෙය ආදි වශයෙන් කල්පනාකර බැලීමක් තිබිය යුතුය. එසේ නොවුවහොත් උපයනවා කනවා, බොනවා මිස ඉතිරියක් දැකීමට අපහසුය. එය දියුණුවට බාධාවකි.
එසේම යම් පුද්ගලයකු කුසීතව වෙසේ නම් එයද දියුණුවෙහි දොර වසන කරුණකි. කුසීතයා වැඩ කල් දැමීමට සමතෙකි. ඔහු දැන් ශීත යැයිද දැන් උෂ්ණ යැයිද දැන් බඩගිනි යැයිද දැන් බඩ පිරිලා යැයිද ආදි විවිධ හේතු ඉදිරිපත් කරමින් වැඩ කල් දමයි. වැඩ කල් දමන්නා දියුණු වන්නකු නොවේ. එනිසා කුසීතකමෙන් අත්මිදෙන තුරු උත්සාහයෙන් වැඩකටයුතු කිරීම අරඹන තුරු පුද්ගලයකුගේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය.
මේ අනුව වීර්යය අඩු බවද දියුණුව කරා යන ගමනේදී එයට බාධා කරන ප්‍රධාන කරුණක් හැටියට දැක්විය හැකිය. බුදු හිමියන් පෙන්වා දෙන්නේ උත්සාහය , වීර්යය තිබේ නම් ඕනෑම පහළ මට්ටමක සිට ඉහළට ගමන් කළ හැකි බවය. චුල්ලසෙට්ඨි ජාතකයේදි මී කුණක් විකුණා ඇරැඹි ව්‍යාපාරික ජීවිතය සිටු තනතුර දක්වා ගමන්කළ හැටි දක්වා තිබේ. සෑම මොහොතකම උත්සාහය , වීර්යය ඇතිව වැඩ කටයුතු කිරීම දියුණුවෙහි ලක්‍ෂණයක් ලෙස බුදුදහමෙහි දක්වා ඇත.
අප සාකච්ඡා කළ ආකාරයට ගිහි, පැවිදි භේදයකින් තොරව බාල, තරුණ ,මහලු, හෝ ස්ත්‍රී පුරුෂ ආදි කිසිදු වර්ගීකරණයකින් තොරව හුදෙක් දියුණුව බලාපොරොත්තුවන පුද්ගලයකු තමන් වෙතින් බැහැර කරගත යුතු ගති ලක්ෂණ කිහිපයක් ගැන දැන් ඔබට අවබෝධයක් ලැබී ඇත. එම ගති ලක්‍ෂණවලින් බැහැර වී ඊට ප්‍රතිවිරුද්ධ යහපත් ලක්‍ෂණ තමන් තුළ වර්ධනය කර ගැනීම දියුණුවේ මාවතයි.
තෙරුවන් සරණයි!
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

0 comments:
Post a Comment