෴ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය ෴ ( ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අගෝස්තු 10 වනදා ඉරිදා )
ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයන් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ.
ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලැබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළඹෙන හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවයි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන්ම කළ යුතුය. එය බුද්ධ නියමයයි.
ප්‍රථම සංගීතිය
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද "පඤ්චසතිකා විනයසංගීති " නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී. ඇසළ පුන් පොහෝදා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවියදා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා (සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවුවන මස දෙවන දා) රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.
ආනන්ද හිමියන් රහත් වීම
ප්‍රථම සංගීතියට ධර්ම සංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී.සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නො වූහ. වීර්ය සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මඳක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා ;පාළොවෙන් මිදිණ.
හිස කොට්ටයට නො පැමිණියේ ය. මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. උන් වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදුවිය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.
බුද්ධත්වයෙන් වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම් නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ.
මෙසේ වැඩම කරනා ආර්යන් වහන්සේලාගේ පා යුගවල මඩ තැවරී මිය යන කුඩා ජීවීනුත් දළු ලා වැඩෙන නිල් තණත් පෑගී විනාශ වෙද්දී කෝපයට පත් වූ මිනිස්සු භික්‍ෂූන් වහන්සේට අවමන් කරමින් දොස් නැගූහ. මෙම තත්වය ගැන දැනුවත් වූ බුදුපියාණන් වහන්සේ දෙවැදෑරුම් වූ පෙර හා පසු වස් එළැඹීම් වදාරා ඒවා පිළිපදින්නැ'යි භික්‍ෂූන් වහන්සේට ඔවදන් දුන් සේක.
මෙසේ දඹදිව්තලයෙහි ඇරැඹු වස් එළැඹීමේ බෞද්ධ චර්යා ධර්මතාවයෙන් ලක්දිව්තලය බැබළ වූයේ බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් දෙසිය තිස් හය වසරක ඇවෑමෙන් ය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අරිට්ඨ රහතන් වහන්සේ ඇතුළු සිංහල රහතන් වහන්සේලා ඇටසැටලෙන්හි වස් එළැඹී ලක්දිව තලය ප්‍රථම වස්සූපගමනයෙන් අසිරිමත් කළහ. මෙසේ පුරාතනයේ සිටම වස් එළැඹීමේ පිළිවෙත නිබඳවම රැක ගන්නා භික්‍ෂූන් වහන්සේ සැදැහැති බෞද්ධයා පිරිනමන දැහැත් ගොටුුත් වැසි සළුත් පිළිගනිමින් පෙර වස් එළැඹෙන්නේ අධි පොහොයක් ඇති මේ වසරේ නිකිණි මහේ පුර පසළොස්වකදා ය.
කඨින චීවරයෙන් පිදුම් ලැබීමට සුදුසු වූ පෙර වස් එළැඹෙන භික්‍ෂූන් වහන්සේ අධි පොහොයක් නොමැති වසරක දී සම්මතයට අනුව පසු වස් එළැඹෙන පොහොය වන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහොය දිනයයි. විශාඛා සිටු දියණියගේ සුවිශේෂී ඉල්ලීමක් වූ වැසි සළුව සිහි ගන්වමින් හතර පස් රියනක සුදෝ සුදු වස්ත්‍රයක් භික්‍ෂූන් වහන්සේට පිළිගන්වා වස් ආරාධනා කිරීමේ මහා භාග්‍ය සැදැහැති බෞද්ධයාට උදා වන්නේ අද ය.හදිසි අවස්ථාවකදී බෞද්ධයාට පිහිටවීමට දුර ගම් දනව් වෙත පිවිසෙන භික්‍ෂූන් වහන්සේ සත්වන රැය උදාවීමට පෙරම වස් විසූ ආරාමයට වැඩම කරමි' යි අධිෂ්ඨාන කර ගන්නා දිනය මෙවර යෙදී ඇත්තේ ද අද වැනි පොහොය දිනකදීය. වස් විසූ භික්‍ෂූන් වහන්සේ සත්තාහකරණයෙන් වැඩම කළ යුතු බව මහා වග්ග පාලියේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි ද සඳහන් ය. මෙවන් සුවිශේෂී ධර්මතා සාම්ප්‍රදායිකව අදටත් සුරැකෙමින් පවතින්නේ භික්‍ෂූන් වහන්සේ එදා බුදු වදනට නිබඳවම දැක් වූ ගරුත්වය නිසාය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව් මසක ඇවෑමෙන් සුභද්‍රගේ අවිනීත වූ වදන් මත ඇති වූ ගැටලුව මූලික කර ගනිමින් වේහාර පර්වතයේ දී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ ද නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනකදී ය.
සංගායනාවේ දී අපරමිත මෙහෙවරකට ඇප කැප වූ මහා කාශ්‍යප, උපාලි, මහා කච්චායනා, අනුරුද්ධ, පුණ්ණමන්තානිපුත්ත, කොටිටක, වංගිස, කුමාර, කස්සප සමග පන්සියයක් රහතන් වහන්සේලාගෙන් සංගායනාව ඒකාලෝක වූහ.
මහා කාශ්‍යප මා හිමියන්ගේ සාධුකාර මධ්‍යයේ සෘර්ධි බලය පාමින් සංගායනාවට වැඩම කළ ආනන්ද තෙරුන් වහන්සේ එදින අලුයම් කාලයේ දී සිව් ඉරියව්වෙන් තොරව රහත් ඵලය ලැබුවේ ද නිකිණි මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
බෞද්ධයාගේ අසම සම සදා පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් වැඩ සිටින මහනුවර සිරි දළදා මැඳුර මුලික කර ගනිමින් බොදු උරුමයන් ලොවට පෙන්වා දුන් අසිරිමත් දළදා පෙරහර අවසන් වන්නේ ද මෙම පුර පසළොස්වක පොහොය දිනයේදී ය.
විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් එක් දෙවියකු ඇදහීමට විචිත්‍ර අංගයන්ගෙන් සපිරුණු රුහුණු කතරගම මහ දෙවොලේ දේව පෙරහර අවසන් වන්නේ ද අද වැනි පොහෝ දිනකදී ය.
මහා වංශ කතාවට අනුව වෝහාරක තිස්ස, දුටුගැමුණු රජවරුන් අරියවංශ දේශනාවට රාජානුග්‍රහය ලබා දෙන උළෙල පැවැත්වූයේ ද නිකිණි මහේ පුර පසළොස්වක පොහෝ දිනකදීය.
බෞද්ධයාගේ සිත පුබුදු කර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසර එකසිය පනහකට පෙර වල් අලින්ගෙන් රැක ගැනීමට දිවි හිමියෙන් සටන් කළ රජරට වැසියන් ගිනි මැල ගසා ගැනීමට අවශ්‍ය දරමිටි පෙරහරකින් රැගෙන ගියේ ද නිකිණිපුර පසළොස්වක පොහොය දිනකදී ය. මේ නිසා 'දරමිටි පොහොය' නමින් හඳුන්වන පොහොය වන්නේ ද නිකිණි මගේ පුර පසළොස්වකයි.
මෙවන් සුවිශේෂී සිදුවීම් රැසකින් බැබළ වූ නිකිණි මහේ පුර පසළොස්වක පොහොය බෞද්ධයාට මහත්ඵල මහානිසංස සහිත පින්ඵල නෙළා දෙන භාග්‍ය උදාර කරවන පින්බර පොහොය දිනයයි.
මේ උත්තරීතර පොහොය දිනයේ දී බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් නිමල දහම අනුව දිවි පෙවෙත අලෝක කරවාගෙන සසර දුක නිවාලමු.

https://www.facebook.com/pages/ධර්ම-දානය-පිණිසයි
0 comments:
Post a Comment