සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. බරණැස ඉසිපතනයෙහි මිගදාය නම් වූ ශාන්ත සුන්දර ප්‍රදේශයෙහි වැඩ වෙසෙමින් එදා පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු නම් මේ පරාමාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හළ යුතු කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් යන
අන්ත දෙකත් අනුගමනය කළයුතු නිවන් ලැබීමට ඒකායන මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ය
ආර්ය භාවයට පුද්ගලයන් පත් කරන සත්‍ය සතර චතුරාර්ය සත්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ. බුදු දහමෙහි එන ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර එදා සමාජයෙහි සාධුසම්මතව ද පැවැතුණි. එහෙත් මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් භවයෙන් වැසී තිබී බුදුරජාණන් වහන්සේ විසින් ම සොයාගන්නා ලදී. අන්‍ය උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින් ම සොයාගන්නා ලද නිසා උන්වහන්සේ සම්මාසම්බුද්ධ නාමයෙන් හඳුන්වති.
සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. බරණැස ඉසිපතනයෙහි මිගදාය නම් වූ ශාන්ත සුන්දර ප්‍රදේශයෙහි වැඩ වෙසෙමින් එදා පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු නම් මේ පරාමාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හළ යුතු කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් යන අන්ත දෙකත් අනුගමනය කළයුතු නිවන් ලැබීමට ඒකායන මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ය.
ආර්ය සත්‍ය සතර නම්:-
දුක්ඛ - දුක
සමුදය – දුක හටගැනීම
නිරෝධ – දුකින් මිදීම
මග්ග - දුකින් මිදීමට යා යුතු මාර්ගය යන්න යි.
මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සසර ගමන නවතා පරම සුඛය නම් වූ නිර්වාණය ලබා ගත හැකිය. සත්‍යාවබෝධය නො වන තාක් සසර දිගින් දිගට ම ගමන් කිරීමට සිදුවෙයි. " මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නො කිරීමේ හේතුවෙන් මටත් ඔබටත් සසර බොහෝ කාලයක් සැරිසරන්නට සිදුවිය." යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළහ. සත්‍යයෙහි මූලික ලක්ෂණ තුනක් විද්‍යාමාන වේ.
එනම්, තථ, අවිතථ, අනඤ්ඤ නම්
තථ – ඒකාන්ත සත්‍ය බව,
අවිතථ සැමදා ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍ය බව
අනඤ්ඤතථ, අන් පරිද්දකින් නො වන බව.
බුදු, පසේ බුදු, මහරහතුන් ආර්ය තත්වයට පත් කරන හෙයින් මෙම සත්‍ය සතර ආර්ය සත්‍ය නමින් හැඳීන්වෙයි. මෙම ආර්ය සත්‍ය සතරට තව කිසිවක් එකතු කරන්නට නැත. එසේ ම සත්‍ය සතරක් නොව තුනෙකි. තැනහොත් දෙකෙකි යයි අඩු කිරීමක් ද කළ නොහැකිය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු ය. දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු ය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතු ය. දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය වැඩිය යුතුය.
● දුක්ඛාර්ය සත්‍යය
සාමාන්‍යයෙන් දුක යැයි හඳුන්වනුයේ කරදරය – විපත - දොම්නස - සෝකය යන අප්‍රසන්න වේදනා අවස්ථාවන් ය. එහෙත් දුක්ඛ සත්‍යයෙන් ඊට වඩා ගැඹුරු අර්ථයක් ගෙන දෙයි. එයින් පැහැදිලි කෙරෙන්නේ අපරිපූර්ණත්වය, අනිත්‍යත්වය, හිස් බව, වසඟයෙහි නො පවතින බව යන දාර්ශනික අර්ථයන් ය. සංක්‍ෂෙපයෙන් පංච උපාදානස්ඛන්ධය ම දුක යැයි පෙන්නා දුන් අතර සැපයක් නැතැයි ද දේශනා කොට නැත. ගිහි සුඛය, පබ්බජිත සුඛය, අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය ආදී සැප පිළිබඳව ද දේශනාවේ සඳහන් වී ඇත. සත්‍ය ස්වභාවය ඒවා ද අනිත්‍යත්වයට ගොදුරු වන නිසා දුක්ඛ සංඛාවට ම වැටීමයි. ලෞකික ධ්‍යානවලින් ලැබෙන සුඛය ද වෙනස්වන නිසා දුකම බව පෙන්නා දුන්හ. කාම සම්පත් පිළිබඳව අවබෝධ කටයුතු කරුණු තුනක් බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. එනම් අස්සාද – ආස්වාදය හෙවත් රස විඳීම, ආදිනව රසවිඳීමෙන් සිදුවන අයහපත, නිස්සරණ – එයින් අත්මිදීම යන කරුණු තුනය. පියකරු දෙයක් හෝ සත්වයෙක් පුද්ගලයෙක් දුටුවිට ප්‍රිය කරයි. ඇලෙයි. නැවත නැවත ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි. ප්‍රීතියක් ලබයි. ආස්වාදනය යනු එයයි. ප්‍රිය දේවල් සත්වයන් පුද්ගලයන් වෙනස් වෙයි. අනිත්‍යත්වයට පත්වෙයි. එවිට ආස්වාදයෙන් ඇති වූ ප්‍රීතිය නැති වී දුක දොම්නස ඇතිවෙයි. එය ආස්වාදයෙන් ඇතිවන ආදීනවය යි. යම්කිසි දෙයක හෝ සත්වයෙක් පුද්ගලයෙක් පිළිබඳව හෝ බැඳීම ආශාව නැතිකර ගැනීම නිස්සරණය වශයෙන් දැක්වෙයි. මේ තත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් විට ලෝකෝත්තර සුඛය උදාකරගත හැකිය.
කාමයන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය තත් වූ පරිද්දෙන් නො දන්නා තැනැත්තා අනුන් ද, එහි යෙදවීමට අසමත් ය. තත් වූ පරිද්දෙන් දන්නා තැනැත්තා කාමයන්ගෙන් මිදෙන අතර අන්‍යයන් ද කාමයන්ගෙන් මුදා ගැනීමට සමත් වෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය ම දුක් බව බුද්ධ දේශනාවයි. විඥානස්කන්ධයේ අනිත්‍යත්වය ප්‍රකට නො වන නිසා විඥානය නො නැසී පවත්නා බවට බුද්ධ කාලයෙහි ද විශ්වාසයක් පැවැතුණි. සාති භික්ෂුව ද එම මතයේ එල්බ ගත්තෙක් විය.
බුද්ධ දේශනාව අනුව සසර මුළුල්ලේ ම ගමන් කරන්නේ මේ විංඥානය බව උන්වහන්සේගේ අදහස විය. බුදුරජාණන් වහන්සේ විංඥානය යනු කුමක්දැයි සාති භික්‍ෂුවගෙන් ඇසූ විට කථා කරන්නේ, සැප දුක් විඳින්නේ කරන ලද කර්ම විපාක විඳින්නේ විංඥානය බව පිළිතුරු දුන්නේ ය. එවිට බුදුරජාණන් වහන්සේ " මෝඝ පුරිසය, මා මෙසේ කවුරුන්ට දේශනා කළ බවක් දන්නෙහිද ? විඥානය ද ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව මවිසින් නොයෙක් අවස්ථාවල දෙසා ඇතැයි ප්‍රකාශ කළහ.
විඥානය හටගන්නා ප්‍රත්‍යයන් අනුව නම් ලබයි. ඇස ද රූපය ද නිසා ඇතිවන්නේ චක්ඛු විඤ්ඤාණය යි. කන ද ශබ්දය නිසා ඇතිවන්නේ සෝත විඤ්ඤාණය යි. නාසය ද ගන්ධය ද නිසා ඇතිවන්නේ ඝාණ විඤ්ඤාණය යි. කය ද ස්පර්ශය ද නිසා ඇතිවන්නේ කාය විඤ්ඤාණය යි. මනස ද ධර්මය ද නිසා ඇතිවන්නේ මනෝ විඤ්ඤාණය යි.
බුදුරජාණන් වහන්සේ මේ කරුණ තවදුරටත් පැහැදිලි කරමින් " ගින්න යම් ප්‍රත්‍යයක් නිසා ඇවිලෙන්නේ ද එම ප්‍රත්‍යයේ නාමය ලබයි. දර නිසා ඇවිලෙන ගින්න දර ගින්න වෙයි. ගින්න තණකොළ නිසා ඇවිලේ නම් ඒ ගින්න තණගින්න නමින් හැඳින්වේ.
● සමුදය සත්‍යය
පළමු ආර්ය සත්‍යය දුක බවත් දුක ඇතිවීමට හේතු වන තණ්හාව දෙවන ආර්ය සත්‍යය බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. " මහණෙනි, පුනර්භවය ඇති කරන, නන්දිරාගයෙන් යුක්ත වන ඒ ඒ තන්හි ඇලෙන සුළු, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් පවතින මේ තෘෂ්ණාව දුක්ඛ සමුදයාර්ථ සත්‍යය" යි යනුවෙනි. පඤ්ච කාමය පිළිබඳව තෘෂ්ණාව කාම තණ්හා වශයෙන් ගැනේ. නැවත නැවත ඉපදීමත් පැවතීමත් පිළිබඳව තෘෂ්ණාව භව තණ්හාවයි. නැවත භවයක නො ඉපදීමත්, නො පැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව හෙවත් උච්ඡේද දෘෂ්ටිය විභව තණ්හා නමින් හඳුන්වා දී ඇත. බුදුදහමට අනුව ලොවෙහි ඇති සැම දෙයක්ම පටිච්චසමුප්පන්න ධර්මයෝ ය. දුක් ලැබීමට හේතුවන්නේ තෘෂ්ණාව යි. තෘෂ්ණාවට හේතුව වේදනාව යි.
වේදනාව ස්පර්ශයෙන් ඇතිවේ. මෙසේ චක්‍රාකාරව පවතින හෙයින් ආරම්භයක් කෙළවරක් පටිච්චසමුප්පාද ධර්මයෙහි දක්නට නැත. "අවිජ්ජා පච්චයා තණ්හා" යයි දක්වා ඇත්තේ අවිජ්ජාව ආරම්භය වශයෙන් පවතින නිසා නොව කොතැනකින් හෝ ආරම්භ කළයුතු නිසා ය.
දුක් ඇතිවීමට එක ම හේතුව තණ්හාව ම නොවූවත් දුක් ඇතිවීමට ප්‍රධාන හේතුව තෘෂ්ණාව යි. ආශ්‍රම ධර්ම අතර කාමාශාව නමින් තණ්හාව දක්වා ඇති අතර අවිජ්ජා දිට්ඨි ආශ්‍රමයන් ද තෘෂ්ණාවට උපස්ථම්භක වේ. හේතු වේ. එයින් පැහැදිලි වන්නේ ද තෘෂ්ණාව ප්‍රමුඛස්ථානයට පත්වන බවයි. තෘෂ්ණාව වශයෙන් පංච කාමය පමණක් නොව දෘෂ්ටි, ආකල්ප විශ්වාස යන මේවා ද ගැනේ. නො දැනීම නිසා මම ය මාගේ ය යයි අල්ලා ගැනීම තණ්හාව ඇතිවීමට මූලික හේතුව යි. මේ නිසා පෞද්ගලික කල කෝලාහල පමණක් නොව රට රටවල් අතර යුද කෝලාහල ද ඇතිවේ. මේ ප්‍රශ්න විසඳීමට නම් ඒවා ඇතිවීමට හේතු වන මූල නිධානය සොයා බලා ඊට පිළියම් යෙදිය යුතුය. එහෙත් "තණ්හා පච්චයා භවෝ" පටිච්චසමුප්පාදයෙහි ඉගැන්වෙන පුනර්භවයට තෘෂ්ණාව හේතුවන ආකාරය ඊට වඩා ගැඹුරින් විග්‍රහ කර බැලිය යුතුය. මෙහිලා කර්මය පිළිබඳ දැනීම ද අවශ්‍ය වන්නේ ය.
බුදු දහම ආහාර සතරක් පිළිබඳව විග්‍රහයක් කරයි.
1. සත්වයන් ජීවත්වීමට සඳහා කබලිංකාරාහාරය,
2. පංචේන්ද්‍රියයන් බාහිර ලෝකය සමඟ ස්පර්ශයෙන් ඇතිවන ඵස්සාහාරය,
3. ඵස්සාහාර හේතුවෙන් ඇතිවන විඥානාහාරය,
4. ඒ ඒ ගැටීම් නිසා ඇතිවන මනෝ සංචේතනාහාරය
යනු ඒ සතරයි. මේ ආහාර සතර සත්වයාගේ පැවැත්මට හේතු වෙයි. සත්වයාගේ පුනර්භවයට හේතු වන්නේ මනෝ සංචේතනාහාරයයි. මනෝ සංවේතනාහාරය යනු චේතනාවට ම භාවිත වන පර්යාය නාමයකි. චේතනාව ම කර්මය වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
මනෝ සංචේතනාහාරය අවබෝධ කරගත් විට තෙවදෑරුම් තෘෂ්ණාව ගැන දැනීම ඇතිවෙයි. මෙයින් සත්වයාගේ සාංසාරික ගමන දිගින් දිගටම සිදුවේ. දුකේ හේතුව ද දුක තුළ ම පවතී. දුක්ඛ නිරෝධයේ හේතුව පවතිනුයේ දුකින් බැහැර නො වේ. යම්කිසිවක් හටගන්නා සුළු නම් ඒ සියල්ල නැසෙන සුළුය. මෙයින් පැහැදිලි වන්නේ දුක හටගැනීම හා එහි නිරෝධ ය ඒ තුළ ම පවත්නා බව යි.
බුද්ධ දේශනාව අනුව පුද්ගල දුක හා සමාජ දුක තණ්හාව නිසා මම ය, මාගේ යයි අල්ලා ගැනීමෙන් ඇතිවෙයි. ගසක මුල නිරුපද්‍රිතව දැඩිව පවත්නා කල්හි ගස කපා දැමුවත් නැවත නැවත වැඩෙයි. එසේම තණ්හාවත් ඒහා බැඳුණු සියලු කෙලෙස් උදුරා දමන තුරු දුක නැවත නැවත උපදී. මෙයින් පැහැදිලි වන්නේ සත්වයන්ගේ අනුසය වශයෙන් පවත්නා තණ්හාවත් එනම් සිත තුළ නිදා සිටින තණ්හාවත් මුලිනුපුටා දමන තුරු දුක නැවත නැවත උපදින බව යි.
● දුක්ඛ නිරෝධාර්ය සත්‍යය
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය විස්තර කරන බුදුරජාණන් වහන්සේ දම්සක් පැවැතුම් සූත්‍රයේ දී වදාළ සේක්, "මහණෙනි, දුක්ඛනිරෝධාර්ය සත්‍යය නම් තෘෂ්ණාව සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම, නැති කිරීම, සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම, එයින් මිදීම හා එහි නො ඇලීමයි. යනුවෙනි. නිරෝධය හෙවත් දුකින් මිදීම නිවන යි. නි යනු නැත යන අදහස ගෙන දෙන උපසර්ගයෙකි. වාණ නම් තෘෂ්ණාව යි. නි වාණ – නිබ්බාන විය. එහි අදහස තෘෂ්ණාව නැති යනුයි.
නිවන ලෝකෝත්තර තත්ත්වයෙකි. එය අවබෝධයෙන් ම වටහා ගතයුතු ය. භාෂාවන්ගේ වචන සෑදී ඇත්තේ ලෝකයේ පවත්නා දේ හඳුන්වා දිමටය. එහෙයින් භාෂාවන්ගේ වචනවලින් ලෝකයෙන් එහා පවතින දෙයක් විස්තර කිරීම අසීරුය.
නිර්වාණය හැඳින්වීම සඳහා වදන තිස් දෙකක් සංයුක්ත නිකායේ දක්වා ඇත. එයින් පැහැදිලි වන්නේ නිර්වාණය හඳුන්වා දීමට ලෞකික භාෂාමය වචනවලින් නො හැකි බව ය. ඇතැම් විට උපමා රූපක මගින් ද නිවන හඳුන්වා දීමට යත්න දරා ඇත. රහතන් වහන්සේ පහන නිව්නාක් මෙන් පිරිනිවන් පාන බව රතන සූත්‍රයෙහි සඳහන් වේ.
නැවත සංස්කාරයන්ගෙන් සෑදුන දෙයක් නො වේ. එහි ඇත්තේ අවේදයිත සැපයෙකි. උණ රෝගයෙන් පෙළී සිටියකු එම රෝගය සුව වූ විට දැන් සනීපයි කියයි. එහෙත් ඔහුට ඇත්තේ උණෙන් නිදහස් වීම මිස අමුතු සනීපයක් නොවේ. නිවන ද එබඳු ය. සංස්කාරයන්ගෙන් සෑදුණ උපාධානස්කන්ධයන්ගෙන් මිදීම පරම සැපත ලෙස හඳුන්වනු ලැබේ.
ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ධර්මදේශනා කරන විට " ඇවැත්නි, නිර්වාණය සැපයකි" යැයි පැවසූහ. එවිට ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, නිර්වාණයෙහි විඳීමක් නැත්නම් ඇති සුවය කුමක්දැයි විමසීය. එයට සැරියුත් හිමි පිළිතුරු දෙන්නේ ආයුෂ්මත් උදායි, විඳවීමක් නැතිවීම ම එහි සැපය යි ප්‍රකාශ කළේය. තවදුරටත් එම කරුණ පැහැදිලි කරන සැරියුත් තෙරණුවෝ ධ්‍යාන සුවයෙන් ගතකරන්නකුට කාම සංඥාවෝ ආබාධයන් වෙති. ආබාධයක් වේ නම් එය දුකක් බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත. එසේ ආබාධ නැතිවීම සැපයකැයි සැරියුත් තෙරණුවෝ පැහැදිලි කළහ.
නිර්වාණය තර්කයට ගෝචර නො වන හෙයින් අතක්කාවචර වෙයි. එය ප්‍රඥාවන්තයන් විසින් තම තමන් ම දත යුතු ය. " පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යනුවෙන් දහම් ගුණ පාඨයෙහි සඳහන් වන්නේ එයයි.
● දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය
දුක්ඛ නිරෝධගාමිණී පටිපාදාර්ය සත්‍යය දම්සක් පැවතුම් සූත්‍රයෙහි දක්වා ඇත්තේ " ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිණි පටිපදා අරියසච්චං අයමේව අරියෝ අට්ඨඞ්ගිකෝ මග්ගෝ සෙය්‍යථිදං සම්මා දිට්ඨි, සම්භාසඞ්කප්පෝ, සම්මා වචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි" යනුවෙනි. නිවන අවබෝධ කිරීමටත් එමඟින් දුකින් නිදහස් වීමටත් ඇති එකම පිළිවෙත ආර්යාෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් හඳුන්වනු ලැබේ.
හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන්ට අයත්, අනාර්ය, අනර්ථකර කාමසුඛල්ලිකානු යෝගයත්, දුක් සහිත, අනාර්ය, අනර්ථකර අත්තකිලමතානු යෝගයත් යන අන්ත දෙකට නොවැටෙන හෙයින් මධ්‍යම ප්‍රතිපදාව නම් වේ. සිද්ධාර්ථ ගෞතම බෝසතාණෝ පළමුව කාමසුඛල්ලිකානුයෝගයෙහි ද පසුව අත්තකිලමථානුයෝගයෙහි ද යෙදී ඒවා හිස් බව වටහාගෙන ඇස් ලබාදෙන, නුවණ ඇතිකරන උපසමයටත් අභිඥාවටත් සම්බෝධියටත් නිර්වාණයටත් හේතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව සොයාගත්හ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ලබා නිවන් ක්ෂාත් ක්ෂාත් කරගැනීම එහි පරමාර්ථය යි.
මෛත්‍රියත් කරුණාවත් පාදක කොට ඇති සීලය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුනට ඇතුළත් වේ. සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි යන තුන සමාධියට අයත් වන අතර සම්මා සංකප්ප, සම්මා දිට්ඨි අංග දෙක ප්‍රඥාවට අයත් ය. සච්ච විභංග සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය නම් දුක පිළිබඳ දැනීම, දුක හටගැනීම පිළිබඳ දැනීම, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මග පිළිබඳ දැනීමයි. සම්මා සංකප්පය නම් නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය හා අවිහිංසා සංකප්පය යි. සම්මා වාචා නම් බොරු කිම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන මේවායින් වැළකීමයි. සම්මා කම්මන්ත නම් ප්‍රාණ ඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර යන වැරදි නො කිරීමයි. සම්මා ආජීව නම් මිථ්‍යා ආජීවය හැර යහපත් ලෙස දිවි පැවැත්වීම යි. සම්මා වායාම නම් නූපන් පාපී අකුසල ධර්ම නො ඉපදීම සඳහා වෙර වැඩීම උපන් පාපී අකුසල ධර්ම ප්‍රහාණය පිණිස වෙර වැඩීම උපන් පාපී අකුසල ධර්ම ප්‍රහාණය පිණිස වෙර වැඩීම, නූපන් කුසල් දහම් ඉපදවීමට වෙර වැඩීම, උපන් කුසල් දහම් ස්ථිර කර ගැනීමට වෙර වැඩීම යි. සම්මා සතිය නම් කාය, වේදනා චිත්ත ධම්ම යන සතර සතිපට්ඨානයෙහි සිත පිහිටුවා ගැනීමයි. සම්මා සමාධි නම් ප්‍රථම මධ්‍යානය ද්විතීය ධ්‍යාන, තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන උපදවා එකඟ වූ සිතින් යුතුව විදසුන් වඩා රහත් බව ලබාගැනීම යි.
මෙම සත්‍ය සතර එකින් එක සම්බන්ධ නිසා එක ධර්මයක් අවබෝධ කර ගැනීමෙන් ම නිර්වාණාවබෝධය ලබාගත හැකි ය. මෙම සත්‍යාවබෝධය ලබාගන්නා තුරු සෑම සත්වයන්ට ම සංසාර දුකින් නිදහස් විය නො හැකිය. සසර දුකක් බව දේශනා කොට ඇත්තේ ලෝකයෙහි අනිත්‍යත්වයට ගොදුරු නො වන සචේතනික අචේතනික කිසිවක් නො මැති නිසා ය.
තෙරුවන් සරණයි!
සූරියගොඩ සිරිධම්ම නා හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
ධර්ම දානය :

0 comments:
Post a Comment