බුදු ගුණ භාවනාව තුළින් බලවත් සමාධි ඇතිකර ගැනීමට නම් මුලින්ම අප බුදුගුණ ගැන පැහැදීම ඇතිකර ගතයුතු වෙනවා. බුදුගුණ ගැන පහදිනවා කියල කියන්නෙ " බුදුරජාණන් වහන්සේ මෙබඳු, මෙබඳු ගුණයන්ගෙන් යුක්තයි" කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප තුළ ප්‍රසාදයක් ඇතිකර ගැනීමටයි. යම් කෙනෙක් තුළ ඒ විදිහට පැහැදීම ඇති වුණා නම්, එයා " ඒ බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කළේ" කියලා විමසනවා.
ඒ ගැන සොයා බලනවා. අන්න එතකොට එයාට සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාවෙනවා. එතකොට එයාට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප්‍රකාශවෙන දේ තමයි සද්ධර්මය වශයෙන් අහන්ට ලැබෙන්නේ. එහෙනම් යම් කෙනෙක්, ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අහලා සතුටු වුණා නම්, පැහැදුනා නම්, ඊට පස්සේ එයා ඇහුම්කන් දෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ප්‍රකාශ වන්නා වූ ධර්මයට යි. පැහැදුණු සිතින් යුතුව ඒ ධර්මය ශ්‍රවණය කරන කොට, ඒ ධර්මය එයාගේ සිතට යනවා. ඒ ධර්මය සිතට යනකොට එයා පැහැදුණේ යමකටද, ඒ කියන්නේ ඒ බුදුගුණ ඇත්තයි කියල එයාට තේරෙනවා.
අන්න එතකොට එයාගේ ප්‍රසාදය නොසෙල්වෙන ප්‍රසාදයක් බවට පත්වෙනවා. අන්න ඒකටයි කියන්නෙ අචල ප්‍රසාදය කියලා. එතකොට පින්වතුනි, එයා තුළ අචල ප්‍රසාදය ඇතිවීම පිණිස, මුලින්ම සිදුවිය යුත්තේ කුමක්ද ? බුදුගුණ පාඩම් කරලා භාවනා කිරීමද ? නෑ එහෙම කරන කෙනාට තමයි සිතෙන්නේ " අනේ මට බුදුගුණ භාවනාව වැඩෙන්නෙ නෑනේ" කියල. ඇයි ඒ... ? එයා සමාධියනෙ හොයන්නේ. අචල ප්‍රසාදය ඇතිකර ගන්ට නම් පළමුවෙන්ම එයා බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙනගෙන, " ඒ බුදුරජාණන් වහන්සේ මෙබඳු මෙබඳු ගුණයන්ගෙන් යුක්තයි" කියලා බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදීමක් ඇතිකර ගන්ට ඕනෑ.
මේ ලෝකයේ කේන්තියෙන් ඉන්න මිනිස්සුන් අතරින්, රාගයෙන් ඉන්න මිනිසුන් අතරින්, මෝහයෙන් ඉන්න මිනිසුන් අතරින්, ඒවාටම මුලාවෙලා දුක් විඳින මිනිස්සු අතරින් ඒ රාග, ද්වේෂ, මෝහ දුරැලා නිදහස් වෙච්ච කෙනෙකු ගැන ආරංචි වුණහම, ඒ උත්තමයන් වහන්සේගේ ඒ ගුණය අහනකොට ඒ ගුණයට පහදින්ට නම්, ලෝකයේ තිබෙන මේ සාමාන්‍ය ස්වභාවයත්, අසාමාන්‍ය ස්වභාවයත් දැකීමට පුළුවන් නුවණක් එයා තුළ තිබිය යුතුයි.
අන්න ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම නම් ප්‍රඥාවන්තයාට තමයි බුදුරජාණන් වහන්සේව, ලෝකයේ අන් අයත් එක්ක සසඳන විට විශේෂව පෙනෙන්නේ. ප්‍රඥාවන්තයාට බුදුරජාණන් වහන්සේ අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක මේ ආදී වශයෙන් ගුණ අහන කොට එයා පුදුමයට පත්වෙනවා. " හරි පුදුමයි, අපි අප්‍රමාණ මිනිස්සු ගැන අහලා තියෙනවා.
රජවරු ගැන අපි අහලා තියෙනවා. වීරියවන්තයන් ගැන අප අහලා තියෙනවා. නමුත් මේ ගුණ කාටවත් තිබුණේ නෑ. කියලා එයා පුදුමයට පත්වෙනවා. ඒ පුදුමවීමත් එක්කම එයාට සිද්ධවෙන දේ තමයි එයාගෙ සිත සංසුන් වෙනවා. ඒ වගේම සංවර වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කෙරෙහි පහදින කෙනාගේ සිත සංවර වෙනවා.
ඊට පස්සේ එයාගෙ සිත නැමෙනවා. " භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ ගුණවලින් යුක්තයි. මෙවැනි ගුණවලින් යුක්ත බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කළේ" කියලා අහන්නට. අන්න එතකොට එයාට සද්ධර්මයට ඇහුම්කන් දෙන්ට පුළුවන්කම ලැබෙනවා. එවිට එයා සතුටට පත්වෙනවා. " මේ මේ ගුණයෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේ කිව් දේ තමයි මට මේ ශ්‍රවණය කරන්ට වාසනාව උදාවුණේ කියල.
එවිට සිත පහදවා ගෙන තමයි ධර්මය අහන්නේ. එයාට ඒ අහන දේ ගැන විස්මය උපදිනවා. එයාට සිහිවෙනවා " මා කවදාවත් නොඇසූ දෙයක් නේද ඇහුවේ, හරියට, " යට පැත්තට හැරවූ දෙයක් උඩ පැත්තට හැරෙව්වා වගේ. මං හිතපු දේ නෙවෙයි අපේ ජීවිතවලට සිද්ද වෙන්නේ. නොඇසූ දෙයක් මා ඇහුවා" කියල ඒ ධර්මයට එයා පහදිනවා. අන්න ඊට පස්සෙ එයා කියනවා " ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස අද පටන් මා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න කැමැති යි " කියලා. එහෙම නේද සිද්ද වෙන්නෙ ?
ගොඩක් දේශනාවල ඒ විදිහට ඔබ අහල තිබෙනවා නේද ? ඔන්න භාග්‍යවතුන් වහන්සේ ගමින් ගමට වැඩම කරනවා. එක ගම්මානෙකට ගිහින් යම් නිදහස් තැනක භාග්‍යවතුන් වහ්නසේ වැඩ ඉන්නවා. එක්කො ගහක් මුල, එක්කො විවේක ශාලාවක සංඝයා වහන්සේත් එක්ක වැඩ ඉන්නවා. සමහර විට පිණ්ඩපාතෙ වඩිනවා. එවිට ඒ ගම් පුරාම කීර්ති රාවයක් පැතිරෙනවා.
කොහොමද පැතිරෙන්නේ.. ? " පින්වත්නි, ශාක්‍ය කුලයෙන් නික්මිලා, පැවිදි වුණ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ ගමටත් වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ දුරු කරපු රහතන් වහන්සේ කෙනෙක්ලු. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කර ගත්ත කෙනෙක්ලු" කියලා. මේ විදිහට උන්වහන්සේගේ ගුණ ගමේ මිනිසුන් අතර පැතිරෙනවා. ඒ මිනිස්සු බුදු ගුණ කථා කරනවා. එවිට දැන්, ඒ මිනිස්සු උන්වහන්සේව දැකලද? දැකල නෑ. ඒ ගුණ කතාවෙන්නෙ ඇයි ? ඒ අය බුදු ගුණ කෙරෙහි පැහැදුනා මොකද ... ? ඒ අය මනුෂ්‍යයෙකු ගැන කවදාකවත් ඒ විදියට අහලා තිබුණේ නෑ. දැක්කද ... ? නුවණ තියෙන කෙනාට අලුත් දෙයක් දැනගන්ට ලැබුණ නම් කල්පනා කරන හැටි.
ඊට පස්සේ ඒ මිනිස්සු එකිනෙකා කතා වෙනවා " මේක අපේ ගමටත් නම්බුවක්. ආශිර්වාදයක්. එබඳු රහතන් වහන්සේ නමක් දැකගන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක් ද? අපි යමු ඒ උතුමන් වහන්සේව දකින්නට" කියල. මුළු ගමම එතෙන්ට රොක් වෙනවා. එතකොට ගමේ මිනිස්සු ඔක්කොම රොක් වෙන අවස්ථා මීට කලින් තිබිලා තියෙනවද ? කවදාවත් තිබිලා නෑ. ඇයි ඒ ....? ඒ ගමේ එක එක විදිහේ මිනිස්සු ඉන්නේ.
කුල ගෝත්‍ර වලින්, උගත් නූගත් කමින්, හැඩ හුරුකම් වලින්, ධනයෙන්, බලයෙන් වෙනස් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒ අය වෙන වෙනම වාසය කරන්නේ. එතකොට අර කලින් තිබුණ භේද මුකුත් තිබුණ ද ? නෑ. ඒ ගමේ හිටිය උසස් අය, පහත් අය දුප්පත් පෝසත් භේදයකින් තොරව එකම මණ්ඩපයක වාඩි වෙනවා. දැන් එයාලට තමන්ගේ තරාතිරම්, උස්, පහත්කම් උගත්, නූගත් කම් ඒවා සිහිවෙන්නේ නෑ. වාඩිවෙලා බලන් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දිහා. මෙහෙමයි ඒ කාලෙ සිද්ධ වුණේ. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආර්ය සත්‍ය කියා දෙනවා. කුසල් අකුසල් ගැන කියා දෙනවා. සුගතිය දුගතිය ගැන කියා දෙනවා. එතකොට ඒ අය කන් යොමාගෙන අහගෙන ඉන්නවා. කන් යොමාගෙන අහගෙන ඉන්නෙ ඇයි... ? ඒ අය භාග්‍යවතුන් වහන්සෙ ්ගේ විස්මිත වූ ගුණයන් ගැන පැහැදිලා ඉන්නෙ. පැහැදුණු සිතින් ධර්මය අහනකොට, ඒ ධර්මය සිතට යනවා. අන්න එතකොට "යම් ගුණයකින් යුක්ත නම් භාග්‍යවතුන් වහන්සේ ඒ ගුණ ඒකාන්තයෙන්ම ඇත්තයි" කියල ඒ ප්‍රසාදය නොසෙල්වෙන ප්‍රසාදයක් බවට පත්වෙනවා. අන්න එහෙමයි ඒ කාලේ සිද්ධ වුණේ.
තෙරුවන් සරණයි!
නාවලපිටියේ අරියවංශ හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

0 comments:
Post a Comment